Tamil-Sri LankaEnglish (United Kingdom)
මුල් පිටුව නිතර අසන පැන

නිතර අසන පැන

01. ප්‍රශ්නය :- උපමාන පාදක විමධ්‍යගත වැඩසටහන යටතේ ගරු මන්ත්‍රීතුමන්ලා සදහා 2010 වර්ෂයට කොපමණ මුදලක් වෙන්ව තිබේද?
පිළිතුර :- රුපියල් මිලියන 2.5 ක්


02. ප්‍රශ්නය :- ගරු මන්ත්‍රීතුමන්ලාගේ උපමාන විමධ්‍යගත වැඩසටහන මගින් යම් යෝජනාවක් ලබාදිම සිදුකරන්නේ කෙසේද?ඉන් පසු එම ආධාරය ලබාගන්නේ කෙසේද?
පිළිතුර :- ගරු මන්ත්‍රීතුමා/තුමිය මගින් අදාල සංවර්ධන යෝජනාව ප්‍රතිපත්ති හා සැලසුම් සම්පාදන දෙපාර්තමේන්තුව  වෙත ලබාදීම. ඒ අනුව අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හෝ ප්‍රාදේශීය සභාව ආදි රාජ්‍යය  ආයතන ක්‍රියාත්මක ආයතනය ලෙස තෝරාගෙන එම ආයතන වෙතින් අදාල යෝජනාව ක්‍රියාත්මක කරවීම සදහා  අවශ්‍යය ලියවිලි ගෙන්වාගෙන ඒ අනුව ක්‍රියාත්මක කරවිම.


03. ප්‍රශ්නය :- ගරු මන්ත්රී තුමන්ලාගේ උපමාන පාදක විමධ්‍යගත අරමුදල මගින් මගින් මුදල් ලබාදිය හැකි ක්ෂෙත්‍රයන් මොනවාද?
පිළිතුර :-

    * මාර්ග, විදුලිය ,පානීය ජලය ආදි ආර්ථික යටිතල පහසුකම් සංවර්ධනය සදහා
    * අඩු ආදායම්ලාභින් සදහා සෙවිලි තහඩු , මරණාධාර හා ග්‍රාම සංවර්ධන සමිති සදහා ටකරන් මඩු හා පුටු, පාසල් සංවර්ධනය සදහා, ග්‍රාමීය සෞඛ්‍ය මධ්‍යයනස්ථාන සදහා පුටු / බංකු
    * උචිත ඕනෑම නිත්‍යානුකූල ව්‍යාපාරයක් / කර්මාණ්තයක් ස්වයංරැකියාවක් ලෙස ආරම්භ කිරිමට
    * ක්‍රීඩා හා සංස්කෘතික කටයුතු සංවර්ධනය සදහා
    * වාරිමාර්ග, ඇල වෙලී ඉදිකිරීම හා ප්‍රතිසංස්කරණය , කෘෂි ආම්පන්න ලබාදීම.


04. ප්‍රශ්නය :- ස්වයං රැකියාවක් ආරම්භ කිරීම සදහා ලබාදියහැකි උපරිම මුදල කොපමනද? එම ආධාරය ලබාගැනීම සදහා තෘප්ත කලයුතු අවශ්‍යතාවයන්මොනවාද?
පිළිතුර :- රු 35,000.00
සෑම ව්‍යාපෘතියක් සදහාම ව්‍යාපෘති වාර්තාවක් පිළියෙල කළයුතු අතර ඒ සදහා අදාල අමාත්යාංශයේ / දෙපාර්තමේන්තුවේ නිර්දේශය ඒ සදහා ලබාගත යුතුය.


05. ප්‍රශ්නය :- ලියාපදිංචි ක්‍රීඩා සමිතියක් සදහා ක්‍රීඩා  භාණ්ඩ ලබාදිය හැකි උපරිම මුදල කොපමනද?
පිළිතුර :- රු20,000/-


06. ප්‍රශ්නය :- මරණාධාර හෝ ග්‍රම සංවර්ධන සමිතියක් සදහා ටකරන් මඩු හෝ පුටු ලබාදිය හැකි උපරිම සීමාව කොපමනද?
පිළිතුර :- රු30,000/-

 
අප්‍රේල් 2024
බ්‍ර සි සෙ
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4